කෘෂිකර්මාන්තය නගා සිටුවීමට මෙන්ම ප්‍රජාව සවිබලගැන්වීම සඳහා හරිත TV නාලිකාව ආරම්භ කිරීම

රටෙහි ආර්ථිකයට ශක්තියක් වෙමින් තිරසර කෘෂිකර්මාන්තය, වාරි කර්මාන්තය, ධීවර කර්මාන්තය, පශු සම්පත් ආශ්‍රිත කර්මාන්ත, අධ්‍යාපනය මෙන්ම වෘත්තීය අධ්‍යාපනය ද ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහාම සුවිශේෂීව කැපවුණු රූපවාහිනි නාලිකාවක් ලෙසින් ශ්‍රී ලංකාවේ පළමු කෘෂිකාර්මික නාලිකාව ලෙසින් හරිත TV නාලිකාව ජනගත කෙරේ.

දැක්ම

2030 වසර වනවිට ශ්‍රී ලාංකේය
ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය
මාර්ගයන් සහ ආහාර සපයාගැනීමේ
ස්ථිර ක්‍රමවේදයන් සකස් කිරීම
මෙන්ම කෘෂිකර්මාන්තය වැඩිදියුණු
කිරීම.

මෙහෙවර

ශක්‍යතාවය සංවර්ධනය කිරීම සහ දැනුම ව්‍යාප්ත
කිරීම මගින් කෘෂි විද්‍යාත්මක මූලධර්ම සහ
ග්‍රාමීය ව්‍යවසායකවය ප්‍රවර්ධනය කිරීම, තිරසර
සංවර්ධන අරමුණු ඉටුකරගන්නා අතරතුරම සිය
අත්දැකීම් බෙදා හදාගැනීම සඳහා ගොවි ප්‍රජාව
හට වේදිකාවක් නිර්මාණය කිරීම.

අගනාකම්

දේශීය දැනුම සහ
නව්‍යකරණයන් සඳහා ගෞරව
කිරීම සහ අගය කිරීම
පරිසරය සහ පරිසර පද්ධති
අගය කිරීම
නිර්මාණශීලිත්වය, නම්‍යශීලිත්වය
සහ නවෝත්පාදනය
සංස්කෘතිය සහ සම්ප්‍රදාය, ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගික පසුබිම සහ ආගමික විශ්වාසවලට සංවේදී වීම
ගුණාත්මකභාවය,
සමානාත්මතාව සහ ආචාරධර්ම
රුචිකත්වය සහ මනුෂ්‍යත්වය

ආහාර සුරක්ෂිතතාවය, තිරසාර සංවර්ධනය

ගෝලීය වශයෙන් ආහාර සුරක්ෂිතතාවය, තිරසාර සංවර්ධනය සහ දේශගුණීක විපර්යාස මෙන්ම ඒවා හේතුවෙන් කෘෂිකාර්මාන්තයට සහ ආහාර සපයා ගැනීමේ හැකියාවට එල්ලවන බලපෑම පිළිබඳව සැලකිලිමත්වන කාලෝචිත මැදිහත්වීමක් ලෙසින් හරිත TV නාලිකාව හැඳින්විය හැක. ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ භාරකාරත්වය යටතේ, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවල එක් ප්‍රධාන සාධකයක් වන්නේ, “කුසගින්න තුරන් කිරීම, ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය වැඩිදියුණු කිරීම සහ තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම” යි.

මෙයින් අදහස් කරන්නේ පරිසරයට ගරු කිරීම මෙන්ම දේශගුණික විපර්යාසයන්හි අන්තරායන් පිලිබඳව විමසිලිමත්වීම, තිරසර කෘෂිකර්මාන්තයට සහයෝගය දක්වන අතරම, සුළු පරිමාන ගොවීන් සවිබල ගැන්වීම, ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, ග්‍රාමීය දරීද්‍රතාවය තුරන් කිරීම සහ සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් සහතික කිරීම යන්නයි.

හරිත TV නාලිකාව ශ්‍රී ලංකාවට කාලෝචිතව වැදගත් දෙයකි.

ප්‍රතිපත්ති ලේඛනයට අනුව – “සමෘද්ධිය සහ විභූතිය පිළිබඳ දැක්ම” හේතුවෙන් කෘෂිකාර්මික අංශය රජය විසින් ස්වයං විශ්වාසය තැබිමේ ප්‍රධානතම බලවේගය බවට පත්ව තිබේ.

රජයේ මෙහෙවර තව තවත් ඉදිරියට ගෙන යමින් පරිසර හිතකාමී මෙන්ම තිරසර කෘෂිකාර්මික හා පශු සම්පත් ගොවිපොළ සහ කෘෂි ආහාර අංශ සංවර්ධනය කිරීම මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනු ලබයි. මෙම වැඩසටහන හරහා එහි ප්‍රධාන පරමාර්ථය සාක්ෂාත් කර ගන්නා අතරම, රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයෙන්ම බහුවිධ මැදිහත්වීමක් තුළින් ගොවීන් සහ එම ප්‍රජාව නගා සිටුවනු ඇත.

මෙම නව අවශ්‍යතාවය රට කෘෂිකාර්මික පරිවර්තනයකට යොමුකර තිබේ.

එමනිසා, රටේ පරිසරය සහ ස්වභාවික සම්පත් කළමනාකරණය කිරීම මෙන්ම සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා රජයේ කැපවීම අතිමහත්ය. වේගවත් ආර්ථික සංවර්ධනයේ ප්‍රවණතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශය, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය වැනි ප්‍රධාන ආයතන කිහිපයක සහය ඇතිව ස්වභාවික සම්පත් භාවිතා කරන්නෙමු. සන්නිවේදනයේ වඩාත්ම දෘශ්‍යමාන හා ක්‍රියාකාරි මෙවලමක් බවට පත්වීමට නියමිත හරිත TV නාලිකාව සුවිශේෂී වේදිකාවක් වනු ඇති අතර එයට රජයේ ප්‍රධාන අමාත්‍යාංශවල සහයෝගයද මෙලෙසින් ලැබෙයි.

කාෂිකාර්මික අංශය පිළිබඳව තොරතුරු බෙදාහැරීම.
නවෝත්පාදන හා සංවර්ධන ප්‍රවර්ධනය කිරීම.
තාක්ෂණයේ දියුණුව සහ පර්යේෂණ හා සංව්ධන කටයුතු හඳුන්වාදීම.
වාර්තා චිත්‍රපට නිෂ්පාදනය කිරීම.
ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෙවතු වගාවන් සඳහා ක්‍රමවේදයන් ඉදිරිපත් කිරීම.
ලොව පුරා කෘෂිකාමික සමාජ පිළිබඳ තොරතුරු බෙදා ගැනීම.
තිරසාර කෘෂිකාර්මික භාවිතයන් ව්‍යාප්ත කිරීම.
ස්වභාවික සම්පත් තිරසාර ලෙසින් භාවිත කිරීම.
රටේ පුරාණ කෘෂිකාර්මික පිලිවෙත් හා ශිල්පීය ක්‍රම පිළිබඳව තොරතුරු බෙදා හැරීම.
දේශීය ව්‍යාපෘති ආශ්‍රයෙන් දැනුම බෙදාගැනීම/සාර්ථකත්වයේ කතා/ප්‍රත්‍යෙක අධ්‍යයනයන් සිදු කිරීම.
වෙළඳපොළ දත්ත සැපයීම.

හරිත TV නාලිකාවට රාජ්‍ය මෙන්ම පෞද්ගලික දෙඅංශයේම සහයෝගය හිමිය. ප්‍රමුඛ කේබල් TV සැපයුම්කරුවන් දෙපළක් වන SLTMobitel සහ Dialog TV යන සංනාමයන් ද්විත්වයම එකතුව ආයෝජන හා සම්ප්‍රේෂණ කටයුතු සිදුකරන අතර Peo TV නාලිකා අංක 09 හා Dialog TV නාලිකා අංක 16 ඔස්සේ කිසිඳු ගාස්තු අයකිරීමකින් තොරවම සේවා සපයන අතරම මෙම සුවිශේෂී දැනුම සහ තොරතුරු හුවමාරු මාධ්‍යය ඵලදායි වන බව සහතිකය. අවසාන වශයෙන් මෙවන් කාර්යයක් ශ්‍රී ලංකාවෙ සිදුවන පළමුවන අවස්ථාව මෙය ලෙසින්ද ඉතිහාසගත වෙයි.

හරිත TV නාලිකාවේ පෙන්වන්නේ අපගේ දැක්ම සහ මෙහෙවර මෙන්ම අගනාකම් හි සදහන් අන්තර්ගතය වන අතර එය විවිධ සංවිධාානයන්ගේ යෙදවුම්වලින් සපිරෙනු ඇති අතර සම අදහස් දරන සමාගම් හා ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ ලොව පුරා ප්‍රජා සංවර්ධන වැඩසටහන් සමග සම්බන්ධවීමෙන් අපගේ අරමුණ කරා ළඟාවීමට හැකි වේ. එම නිසා, මෙම ගෝලීය ප්‍රයත්නයෙහි සියලුම පාර්ශ්වකරුවන්ට සුවිශේෂී ගමනක හවුල්කරුවන් වීමට අපි මෙලෙසින් ආරාධනා කරන්නෙමු.