රට සතු ස්වභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය කරමින් තිරසාර කෘෂිකර්මාන්තය උදෙසා භාවිත කිරීමේ අරමුණින් මෙම ජල කළමනාකරණ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. වියළි කලාපයේ ගොවීන් සඳහා සූර්ය බලය භාවිත කර බිංදු ජල සම්පාදනය සහ පොහොර යෙදීමේ ක්‍රමය ප්‍රචලිත කිරීම තුළින් ජලය සහ පොහොර භාවිතය කාර්යක්ෂම කිරීම, පොසිල ඉන්ධන සඳහා යන වියදම බවත් කිරීම නිසා යෙදවුම් සඳහා යන වියදම අඩු කිරීම මගින් වර්ෂය පුරා එළවඵ සහ අතිරේක ආහාර බෝගවල නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
කෘෂිකාර්මික ජල කළමනාකරණ ව්‍යාපෘතියේ පළමු අදියර 2005 වර්ෂයේදී ආරම්භ කළ අතර ඒ යටතේ වියළි කලාපීය ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතූ සඳහා ජලය සැපයීම පිණිස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්පයක් හා බිංදු ජල තාක්ෂණය සහිත නළ පද්ධති ඇතූළත් සූර්ය බල ජල සූක්ෂම පද්ධති 5,000 ක ප්‍රමාණයක් 2007 වර්ෂයේ ජූලි මාසය වනවිට ස්ථාපනය කර ඇත.
මේ වනවිට පළමු හා දෙවන අදියරෙහි උපකරණ කට්ටල 6000 ක් පමණ ගොවීන්ගේ වගා ක්ෂේත්‍රයේ සවිකර ඇති අතර මෙම ව්‍යාපෘතිය අනුරාධපුරය, පොළොන්නරුව, වව්නියාව, මඩකලපුව, ත්‍රිකූණාමලය, අම්පාර, බදුල්ල, මොණරාගල, මහනුවර, රත්නපුරය, හම්බන්තොට, මාතලේ, කූරeණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්ක 14 ක ක්‍රියාත්මක වේ.
සූර්ය බල ජල සූක්ෂම පද්ධතිවල මූලික උපාංග හා තාක්ෂණය
සූර්ය ශක්තිය අවශෝෂණය කර ගන්නා පැනලයක්, පරිගණකගත පාලකයක්, ජල පොම්පයක්, ජලයට පොහොර මිශ්‍ර කිරීමේ ටැංකියක්, පෙරහනක් හා සෙ.මී. 30 ක පරතරයකින් යුතුව සැකසූ ජලය සැපයීමේ සිදුරු සහිත නළ පද්ධතියක් මෙම මෙවලමට ඇතුළත් වේ. මෙම සූර්ය බල ජල සූක්ෂම පද්ධතිය මගින් සූර්ය ශක්තිය විද්‍යුත් ශක්තියට පරිවර්තනය කර එමගින් ජල පොම්පයක් ක්‍රියාත්මක වීමට සලස්වා එයට සම්බන්ධ පොහොර ටැංකියට පොහොර ද යොදා බිංදු ජල තාක්ෂණය සහිත නළ පද්ධති මගින් බෝග වගාවට ජලය සහ පොහොර සැපයීම සිදු වේ. ජලය කාර්යක්ෂමව යෙදෙන බැවින් සාපේක්ෂව අඩු ජල ප්‍රමාණයකින් අක්කර භාගයක පමණ භූමියක එළවඵ හා වෙනත් අතිරේක බෝග වගා කිරීමට මෙම පද්ධතිය මගින් අවස්ථාව සැලසෙන අතර ඉන්ධන භාවිතයක් නොමැතිව මෝටරය ක්‍රියා කරන බැවින් පරිසර දූෂණය අවම කිරීම නිසා මෙය පරිසර හිතකාමී නව තාක්ෂණික ක්‍රමයකි.
සූර්ය බල ජල සූක්ෂම පද්ධති මගින් සැලසෙන විශේෂ වාසි
- සුර්යාලෝකයේ තීව්රතාවය අනුව ජල පොම්පය ස්වයංක්‍රීය ක්‍රියාත්මක වීම. මෙහිදී ශක්ති ප්‍රභවය සූර්යාලෝකය බැවින් ජල පොම්පය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන හෝ විදුලි බලය අවශ්‍ය නොවීමෙන් ඒ සඳහා වියදම් දැරීමට සිදු නොවීම.
- වියළි කාලවලදී වුවද වගා ළිංවල ඉතිරිව පවතින කුඩා ජල ප්‍රමාණයකින් වූවද අක්කර භාගයක පමණ භූමියක එළවඵ හා වෙනත් අතිරේක බෝග වගා කළ හැකි වීම.
- වගාවට අවශ්‍ය පොහොර ජලයට මිශ්‍රකර නළ පද්ධතිය මගින් බෝගයේ මූල පද්ධතියටම සැපයිය හැකි වීම.
- ජලය හා පොහොර සැපයීම බෝගයේ මුලට පමණක් සිදුවන නිසා වල් පැළෑ වැවීම සාපේක්ෂව අඩු වීම
- වල්පැළ ඉවත් කිරීම හා පොහොර යෙදීම සඳහා කම්කරු අවශ්‍යතා අවම වීම
- ජලය අඛණ්ඩව සැපයෙන බැවින් බෝගයේ වර්ධනය අඛණ්ඩව සිදු වී ගුණාත්මක භාවයෙන් වැඩි ඉහළ අස්වනු ලැබීමේ හැකියාව හා එමගින් අස්වනු සදහා ඉහළ වෙළදපොළ විභවයක් පැවතීම සහ වගා කන්නයකට සීමා නොවී අවාරයේදී වගා කළ හැකි බැවින්, අවාරයේදී ලැබෙන අස්වනු සඳහා ඉහළ මිලක් ලබාගත හැකි වීම
- ජල සම්පාදනය සහ පොහොර යෙදීම සැකසූ පසු ස්වයංක්‍රීයව ක්‍රියා කරන බැවින් ගොවියාගේ කාලය වෙනත් රැකියාවක් සදහා යොදාගත හැකි වීම
මෙම ලිපිය සැකසෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත් තොරතුරු පදනම් කරගනිමින්